අල්-බකරා · 262/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ٢٦٢
Transliteration
Allazeena yunfiqoona amwaalahum fee sabeelillaahi summa laa yutbi`oona maaa anfaqoo mannanw wa laaa azal lahum ajruhum `inda Rabbihim; wa laa khawfun `alaihim wa laa hum yahzanoon
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නොයන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 260-264 — අල්-බකරා
260وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطْمَئِنَّ قَلْبِي ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
තවද මාගේ පරමාධිපතියාණෙනි, මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැයි මට පෙන්වනු යැයි ඉබ්‍රාහීම් පැවසූ විට, නුඹ විශ්වාස නොකළෙහි දැ යි ඔහු විමසුවේය. එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස යැයි ඔහු පැවසුවේය. එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසු ව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසු ව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තව ද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.
261مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّائَةُ حَبَّةٍ ۗ وَاللَّهُ يُضَاعِفُ لِمَن يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය.
262الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නොයන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
263۞ قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَا أَذًى ۗ وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ
යහ වදන හා සමාව හිංසාව පසුපස හඹා යන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තව ද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.
264يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُم بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِّمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරන, තම ධනය මිනිසුන්ගේ ප්‍රදර්ශනයට වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නොගනු. තවද ඔහු (සිදු කරන වියදම) ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමීය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබාගැනීමට ඔවුහු ශක්තිය නොදරන්නෝය. තවද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
262ආයාත්
පරිවර්තනය — අල්-බකරා 262
සූරා අල්-බකරා ආයාත් 262 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම්…සූරා ආයාත් 262/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 260–264. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








