අල්-බකරා · 38/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۝٣٨
Qulnah bitoo minhaa jamee `an fa immaa yaatiyannakum minnee hudan faman tabi`a hudaaya falaa khawfun `alaihim wa laa hum yahza noon
📖 සිංහලෙන්
නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු.
🎧 අසන්න

📜 ආයාත් 36-40 — අල්-බකරා

36فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ
එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු.
37فَتَلَقَّىٰ آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.
38قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු.
39وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
දේවත්වය ප්‍රතික්ෂේප කොට අප ගේ වදන් බොරු කළවුන් වන ඔවුහු ම ය නිරා ගින්නෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
40يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ
අහෝ ! ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තව ද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලා ගේ ගිවිසුම ඉටු කරමි. තව ද නුඹලා මට ම බිය වනු.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
38ආයාත්

පරිවර්තනය — අල්-බකරා 38

සූරා අල්-බකරා ආයාත් 38 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට…

සූරා ආයාත් 38/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 36–40. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers