සූරා අබස pdf — බාගත කරන්න (සිංහල)
සූරා අබස pdf සිංහල — බාගත කරන්න සූරා අබස පරිවර්තනය. සූරා අබස (Meccan) 42 ආයාත්.
Related
- සූරා අබස පරිවර්තනයසිංහල
- සූරා අබස mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අබස

ﭑﭒﭓ
80:1
ඔහු මුහුණ හකුළා හැරුනේය.
ﭔﭕﭖﭗ
80:2
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
ﭘﭙﭚﭛﭜ
80:3
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
ﭝﭞﭟﭠﭡ
80:4
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
ﭢﭣﭤﭥ
80:5
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
ﭦﭧﭨﭩ
80:6
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
ﭪﭫﭬﭭﭮ
80:7
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
ﭯﭰﭱﭲﭳ
80:8
"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
ﭴﭵﭶ
80:9
"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"
ﭷﭸﭹﭺ
80:10
නුඹ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
ﭻﭼﭽﭾ
80:11
එසේ නොව සැබැවින්ම එය උපදෙසකි.
ﭿﮀﮁﮂ
80:12
එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
ﮃﮄﮅﮆ
80:13
(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
ﮇﮈﮉ
80:14
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
ﮊﮋﮌ
80:15
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
ﮍﮎﮏ
80:16
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
ﮐﮑﮒﮓﮔ
80:17
මිනිසාට ශාපය අත් වේවා! ඔහු ව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
ﮕﮖﮗﮘﮙ
80:18
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
ﮚﮛﮜﮝﮞ
80:19
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
ﮟﮠﮡﮢ
80:20
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
ﮣﮤﮥﮦ
80:21
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
ﮧﮨﮩﮪﮫ
80:22
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
ﮬﮭﮮﮯﮰﮱ
80:23
නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
ﯓﯔﯕﯖﯗ
80:24
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
ﯘﯙﯚﯛﯜ
80:25
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
ﯝﯞﯟﯠﯡ
80:26
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
ﯢﯣﯤﯥ
80:27
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
ﯦﯧﯨ
80:28
මිදි හා එළවළු ද
ﯩﯪﯫ
80:29
ඔලිව් හා රටඉඳි ද
ﯬﯭﯮ
80:30
ඝණ උයන් ද
ﯯﯰﯱ
80:31
පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
ﯲﯳﯴﯵ
80:32
(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
ﯶﯷﯸﯹ
80:33
එබැවින් මහා හඬ පැමිණි විට,
ﯺﯻﯼﯽﯾﯿ
80:34
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
ﰀﰁﰂ
80:35
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
ﰃﰄﰅ
80:36
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
ﰆﰇﰈﰉﰊﰋﰌ
80:37
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
ﰍﰎﰏﰐ
80:38
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
ﰑﰒﰓ
80:39
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
ﰔﰕﰖﰗﰘ
80:40
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
ﭑﭒﭓ
80:41
අඳුර ඒවා වසා ගනු ඇත.
ﭔﭕﭖﭗﭘ
80:42
ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







