ඉබ්රාහීම් · 37/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ඉබ්රාහීම්
رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ ۝٣٧
Rabbanaaa inneee askantu min zurriyyatee biwaadin ghairi zee zar`in `inda Baitikal Muharrami Rabbanaa liyuqeemus Salaata faj`al af`idatam minan naasi tahweee ilaihim warzuqhum minas samaraati la`allahum yashkuroon
📖 සිංහලෙන්
අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 35-39 — සූරා ඉබ්රාහීම්

35وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الْأَصْنَامَ
තවද ඉබ්රාහීම් මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. මාගේ පරමාධිපතියාණනි! මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව! තවද මා හා මාගේ පුතණුවන් වන අප පිළිම වලට නැමදීමෙන් දුරස් කරනු මැනව!
36رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ ۖ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
37رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස.
38رَبَّنَا إِنَّكَ تَعْلَمُ مَا نُخْفِي وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى اللَّهِ مِن شَيْءٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ
අපගේ පරමාධිපතියාණනි! අපි සඟවන දෑ ද අප හෙළි කරන දෑ ද ඔබ දන්නෙහිය. තවද මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත.
39الْحَمْدُ لِلَّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْمَاعِيلَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعَاءِ
මහලු වියෙහි මා හට ඉස්මාඊල් හා ඉස්හාක් පිරිනැමූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අයැදුමට සවන් දෙන්නාය.
ඉබ්රාහීම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
37ආයාත්

පරිවර්තනය — ඉබ්රාහීම් 37

සූරා ඉබ්රාහීම් ආයාත් 37 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ…

සූරා ආයාත් 37/52 — සූරා ඉබ්රාහීම් إبراهيم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ඉබ්රාහීම් අසන්න, සූරා ඉබ්රාහීම් පරිවර්තනය, සූරා ඉබ්රාහීම් mp3, සූරා ඉබ්රාහීම් pdf. ආයාත් 35–39. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers