ඉබ්රාහීම් · 36/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ඉබ්රාහීම්
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ ۖ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ ۝٣٦
Rabbi innahunna adlalna kaseeram minan naasi faman tabi`anee fa innahoo minnee wa man `asaanee fa innaka Ghafoorur Raheem
📖 සිංහලෙන්
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 34-38 — සූරා ඉබ්රාහීම්

34وَآتَاكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنسَانَ لَظَلُومٌ كَفَّارٌ
තවද නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේය. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගණන් කළද නුඹලා එය තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම මිනිසා මහත් අපරාධකරුය; මහත් ගුණමකුය.
35وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الْأَصْنَامَ
තවද ඉබ්රාහීම් මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. මාගේ පරමාධිපතියාණනි! මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව! තවද මා හා මාගේ පුතණුවන් වන අප පිළිම වලට නැමදීමෙන් දුරස් කරනු මැනව!
36رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ ۖ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
37رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස.
38رَبَّنَا إِنَّكَ تَعْلَمُ مَا نُخْفِي وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى اللَّهِ مِن شَيْءٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ
අපගේ පරමාධිපතියාණනි! අපි සඟවන දෑ ද අප හෙළි කරන දෑ ද ඔබ දන්නෙහිය. තවද මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත.
ඉබ්රාහීම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
36ආයාත්

පරිවර්තනය — ඉබ්රාහීම් 36

සූරා ඉබ්රාහීම් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා…

සූරා ආයාත් 36/52 — සූරා ඉබ්රාහීම් إبراهيم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ඉබ්රාහීම් අසන්න, සූරා ඉබ්රාහීම් පරිවර්තනය, සූරා ඉබ්රාහීම් mp3, සූරා ඉබ්රාහීම් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers