අල්-බකරා · 255/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَن ذَا الَّذِي يَشْفَعُ عِندَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ ٢٥٥
Transliteration
Allahu laaa ilaaha illaa Huwal Haiyul Qaiyoom; laa taakhuzuhoo sinatunw wa laa nawm; lahoo maa fissamaawaati wa maa fil ard; man zal lazee yashfa`u indahooo illaa bi-iznih; ya`lamu maa baina aydeehim wa mww khalfahum wa laa yuheetoona bishai`im min `ilmihee illaa bimaa shaaa`; wasi`a Kursiyyuhus samaawaati wal arda wa laa ya`ooduho hifzuhumaa; wa Huwal Aliyyul `Azeem
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ අසුනෙඅහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 253-257 — සූරා අල්-බකරා
253۞ تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۘ مِّنْهُم مَّن كَلَّمَ اللَّهُ ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ ۚ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ۗ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَٰكِنِ اخْتَلَفُوا فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ ۚ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلُوا وَلَٰكِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
මෙම ධර්ම දූතවරුන් වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් ව තරාතිරමින් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුනට පසු පැමිණි අයවලුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මරා නොගන්නට තිබිණ. නමුත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් කැමති දේ සිදු කරන්නේය.
254يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ
අහෝ විශ්වාස කළවුනි! කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතු දමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. ප්‍රතික්ෂේපකයෝ වන ඔවුහු ම ය අපරාධකරුවෝ.
255اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَن ذَا الَّذِي يَشْفَعُ عِندَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ අසුනෙඅහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.
256لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَن يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේය. එයට විසන්ධි වීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
257اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۖ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ ۗ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
255ආයාත්
පරිවර්තනය — අල්-බකරා 255
ආයතුල් කුර්සි — සූරා අල්-බකරා ආයාත් 255 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය,…සූරා ආයාත් 255/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 253–257. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Monday, September 7, 2026
Don't forget us in your sincere prayers








