අල්-බකරා · 256/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَن يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ ۝٢٥٦
Laaa ikraaha fid deeni qat tabiyanar rushdu minal ghayy; famai yakfur bit Taaghooti wa yu`mim billaahi faqadis tamsaka bil`urwatil wusqaa lan fisaama lahaa; wallaahu Samee`un `Aleem
📖 සිංහලෙන්
දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේය. එයට විසන්ධි වීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
🎧 අසන්න

📜 ආයාත් 254-258 — අල්-බකරා

254يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ
අහෝ විශ්වාස කළවුනි! කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතු දමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. ප්‍රතික්ෂේපකයෝ වන ඔවුහු ම ය අපරාධකරුවෝ.
255اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَن ذَا الَّذِي يَشْفَعُ عِندَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ අසුන‍ෙඅහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.
256لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَن يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේය. එයට විසන්ධි වීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
257اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۖ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ ۗ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝය.
258أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ ۖ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි යැයි පැවසුවේය. එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
256ආයාත්

පරිවර්තනය — අල්-බකරා 256

සූරා අල්-බකරා ආයාත් 256 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය.…

සූරා ආයාත් 256/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 254–258. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers