සාද් · 25/88
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා සාද්
فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ ۝٢٥
Faghafarnaa lahoo zaalik; wa inna lahoo `indanaa lazulfaa wa husna ma aab
📖 සිංහලෙන්
එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවා තැනක් ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 23-27 — සූරා සාද්

23إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ
“නියත වශයෙන්ම මොහු මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. තර්කයෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.
24قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِّنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩
දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී අල්ලාහ් වෙත) හැරුණේය.
25فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ
එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවා තැනක් ඇත.
26يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ
අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුක ව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නොකරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.
27وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ
තවද අප විසින් මෙම අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ව්‍යාජ ලෙස මවා නැත. එය දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා!
සාද්කුර්ආන් දර්ශකය
88ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — සාද් 25

සූරා සාද් ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප…

සූරා ආයාත් 25/88 — සූරා සාද් ص (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා සාද් අසන්න, සූරා සාද් පරිවර්තනය, සූරා සාද් mp3, සූරා සාද් pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers