සූරා සාද්
PDF —
Built right in your browser — download starts automatically
සූරා සාද් pdf — බාගත කරන්න (සිංහල)
සූරා සාද් pdf සිංහල — බාගත කරන්න සූරා සාද් පරිවර්තනය. සාද් (Meccan) 88 ආයාත්.
Related
- සාද් පරිවර්තනයසිංහල
- සාද් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා සාද්

ﭑﭒﭓﭔﭕﭖ
සාද්, අනුශාසනා සහිත අල් කුර්ආනය මත දිවුරමින්.
ﭗﭘﭙﭚﭛﭜﭝ
නමුත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා මතභේදයෙහිම සිටිති.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝය. (එය) පලා යන අවස්ථාවක් නොවීය.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
තවද ඔවුන් අතරින්ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියම්කරුවකු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසීය.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන්ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු පවසා සිටියෝය.)
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
ඔවුන් අතර සිටි ප්‍රධානීහු “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීර ව රැඳී සිටිනු. නියත වශයෙන්ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ.
ﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස වෙනකක් නැත.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
“අප අතරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසීය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱ
එසේ නැතහොත් පරිත්යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ ගබඩාවන් ඔවුන් අබියස තිබේ ද?
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!
ﯟﯠﯡﯢﯣﯤﯥ
මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලබන ඒකාබද්ධ සේනාවන් අතරිනි.
ﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද (ධර්ම දූතයින්ව) බොරු කළෝය.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
(එසේම) සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝය. ඔවුහුමය (පරාජයට පත්කරනු ලැබූ) එම සේනා වනුයේ.
ﯸﯹﯺﯻﯼﯽﯾﯿ
(ඔවුන්) සියල්ල ධර්ම දූතයින් බොරු කළා මිස නැත. එවිට මාගේ දඬුවම නියම විය.
ﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නොවූවෝය. එයට කිසිදු ප්‍රමාදවීමක් නැත.
ﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓ
අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු (සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකු විය.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥ
ඔහු සමග සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු සැබැවින්ම වසඟ කර දුනිමු.
ﭦﭧﭨﭩﭪﭫﭬ
තවද (රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද (අපි වසඟ කර දුනිමු.) සියල්ල ඔහු වෙත නැඹුරු යති.
ﭭﭮﭯﭰﭱﭲﭳ
තවද අපි ඔහුගේ රාජ්යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
තවද ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් ගැන ඔහු තැති ගත්තේය. “ඔබ බිය නොවනු. අපි නඩු සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකකින් සමන්විතයි. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුක ව අප අතර තීන්දු දෙනු. තවද ඔබ අපක්ෂපාතී නොවනු. තවද අපව ඍජු මාර්ගය වෙත යොමු කරනු” යැයි ඔවුහු පැවසූහ.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦ
“නියත වශයෙන්ම මොහු මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. තර්කයෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.
ﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී අල්ලාහ් වෙත) හැරුණේය.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවා තැනක් ඇත.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖ
අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුක ව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නොකරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
තවද අප විසින් මෙම අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ව්‍යාජ ලෙස මවා නැත. එය දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා!
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි පත් කරන්නෙමු ද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි පත් කරන්නෙමු ද?
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිමතුන් (හොඳ) උපදෙස් ලැබීම පිණිසත් (අපි එය පහළ කළෙමු.)
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
තවද අපි දාවූද්ට සුලයිමාන් ව තිළිණයක් ලෙස පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි.
ﮅﮆﮇﮈﮉﮊﮋ
සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ප්‍රදර්ශනය කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
එවිට නියත වශයෙන්ම ආවරණයෙන් (ඒවා) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපතිව සිහි කිරීමෙන් තොරව මෙම වස්තුවට (බොහෝ සේ) මා ඇලුම් කර ඇතැයි මම සිතමි යැයි ඔහු පැවසීය.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟ
නුඹලා එය මා වෙත ගෙන එන්නැ යි පවසා ගෙලවල් හා කෙණ්ඩ කපා හරින්නට පටන් ගත්තේය.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
තවද සැබැවින්ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මිනිස් ස්වරූපයෙන් ෂාතානීය) සිරුරක් හෙළුවෙමු. පසු ව ඔහු (අල්ලාහ් වෙත) නැවත යොමු විය.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
මාගේ පරමාධිපතියාණනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසු ව කිසිවකුට අයිති නොවන පරිදි රාජ්යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන්ම ඔබ මහා පරිත්යාගශීලීය.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි.
ﯥﯦﯧﯨﯩ
තවද ගොඩනැගිලි ඉදි කරන එමෙන්ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා,
ﯪﯫﯬﯭﯮ
යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
ﯯﯰﯱﯲﯳﯴﯵﯶ
මෙය අපගේ ත්යාගයයි. එහෙයින් කිසිදු ගණනයකින් තොරව නුඹ උපකාර කරනු. එසේ නැතහොත් රඳවා ගනු.
ﯷﯸﯹﯺﯻﯼﯽ
තවද නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවා තැනක් ඇත.
ﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන්ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසීය.
ﰊﰋﰌﰍﰎﰏﰐﰑ
“නුඹේ පාදය නුඹ ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන්ම පානය කිරීමකි.” (යැයි අල්ලාහ් පැවසීය.)
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමග ඔවුන් හා සමාන අය ද අපි පිරිනැමුවෙමු.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
තවද නුඹ පිදුරු මිටියක් ඔබේ අතට ගෙන එමගින් නුඹ ගසනු. තවද නුඹ ප්‍රතිඥා කඩ නොකරනු. නියත වශයෙන්ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා ඉතා යහපත් විය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකි.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵ
තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු.
ﭶﭷﭸﭹﭺﭻ
මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු.
ﭼﭽﭾﭿﮀﮁ
තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ ව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන්ම විශිෂ්ටයින් අතරිනි.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓ
මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම බිය බැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත.
ﮔﮕﮖﮗﮘﮙ
එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදාකාලික (ස්වර්ග) උයන් වේ.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡ
එහි ඔවුන් හාන්සි ව සිට අධික පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති.
ﮢﮣﮤﮥﮦﮧ
තවද සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති.
ﮨﮩﮪﮫﮬﮭ
විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖ
නියත වශයෙන්ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි.
ﯗﯘﯙﯚﯛﯜﯝ
(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත.
ﯞﯟﯠﯡﯢ
එය ඔවුහු එහි පිවිස දැවෙන නිරයයි. එහෙයින් එම නවාතැන නපුරු විය.
ﯣﯤﯥﯦﯧ
මෙය(සීමාව ඉක්මවූවන් සඳහා)ය. එහෙයින් ඔවුන් එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)
ﯨﯩﯪﯫﯬ
ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
මෙය නුඹලා සමග පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන්ම ඔවුහු නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
එසේ නොව, (අප නොමඟ යැවූ) නුඹලාට ද කිසිදු පිළිගැනීමක් නැත. අප හට එය ඉදිරිපත් කළේ නුඹලාය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි ඔවුහු පවසති.
ﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒ
අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම ගුණ කර දෙන්නැයි ඔවුහු පවසති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
නපුරන් අතරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැයි ඔවුහු පවසති.
ﭜﭝﭞﭟﭠﭡﭢ
අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?
ﭣﭤﭥﭦﭧﭨﭩ
නියත වශයෙන්ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
“නියත වශයෙන්ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾ
“ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.”
ﭿﮀﮁﮂﮃ
“එය මහත් වූ පුවතකි.” යැයි නුඹ පවසනු.
ﮄﮅﮆﮇ
“නුඹලා එය පිටුපාන්නෝය.”
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
“ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නොවීය.”
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
“නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නොලැබීය.”
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
නියත වශයෙන්ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට නුඹේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮ
පසු ව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් (ආචාර) කරන්නන් ලෙස වැටෙනු. (යැයි අල්ලාහ් පැවැසුවේය).
ﮯﮰﮱﯓﯔ
එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය.
ﯕﯖﯗﯘﯙﯚﯛ
නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතරින් විය.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසීය.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
“මම ඔහුට වඩා ශ්රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.
ﯷﯸﯹﯺﯻﯼ
ඔහු මෙසේ පැවසීය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.
ﯽﯾﯿﰀﰁﰂﰃ
තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය නුඹට එරෙහි ව පවතී.
ﰄﰅﰆﰇﰈﰉﰊ
“මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසීය.
ﰋﰌﰍﰎﰏ
එසේ නම් කල් දෙනූ ලැබූවන් අතරින් ඔබ වන්නෙහිය යැයි ඔහු(අල්ලාහ්) පැවසීය.
ﰐﰑﰒﰓﰔ
නියමිත වේලාවේ දිනය දක්වා.
ﰕﰖﰗﰘﰙ
ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින්ම මම ඔවුන් සියල්ල නොමග යවමි.
ﰚﰛﰜﰝﰞ
නමුත් ඔවුන් අතරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර.
ﭑﭒﭓﭔﭕ
එසේ නම් එය සත්යයකි. තවද මම සත්යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
ﭖﭗﭘﭙﭚﭛﭜﭝ
නුඹ හා ඔවුන් අතරින් නුඹ ව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
(නබිවරය!) “ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතරින් ද නොවෙමි” යැයි නුඹ පවසනු.
ﭩﭪﭫﭬﭭﭮ
“එය (අල්කුර්ආනය) ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.”
ﭯﭰﭱﭲﭳ
“තවද ටික කලකට පසු ව එහි පුවත සැබැවින්ම නුඹලා දැන ගනු ඇත.”
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







