අන්-නිසා · 46/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නිසා
مِّنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا ۝٤٦
Minal lazeena haadoo yuharrifoonal Kalima `am mawaadi`ihee wa yaqooloona sami`naa wa `asainaa wasma` ghaira musma`inw wa raa`inaa laiyam bi alsinatihim wa ta`nan fiddeen; wa law annahum qaaloo sami`naa wa ata`naa wasma` wanzurnaa lakaana khairal lahum wa aqwama wa laakil la ``anahumul laahu bikufrihim falaa yu`minoona illaa qaleela
📖 සිංහලෙන්
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතරින් වෙති. එමෙන්ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන)"රාඉනා" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති.. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද "උන්ළුර්නා" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති.
🎧 අසන්න

📜 ආයාත් 44-48 — අන්-නිසා

44أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا السَّبِيلَ
ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්‍රිය කරති.
45وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ ۚ وَكَفَىٰ بِاللَّهِ وَلِيًّا وَكَفَىٰ بِاللَّهِ نَصِيرًا
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳ ව මැනවින් දන්නාය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත්ය.
46مِّنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතරින් වෙති. එමෙන්ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන)"රාඉනා" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති.. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද "උන්ළුර්නා" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති.
47يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
අහෝ ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවනි! අපි ඔබේ මුහුණු විකෘති කොට ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර හෝ නුඹලා සතුව ඇති දෑ සත්‍යය කරවමින් අපි නුඹලාට පහළ කළ දෑ විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන්ම සිදු කරනු ලබන්නක් විය.
48إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَاءُ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ කරන්නේ ද සැබැවින්ම ඔහු මහත් පාපයක් ගෙතුවේය.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
46ආයාත්

පරිවර්තනය — අන්-නිසා 46

සූරා අන්-නිසා ආයාත් 46 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතරින්…

සූරා ආයාත් 46/176 — අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නිසා අසන්න, අන්-නිසා පරිවර්තනය, අන්-නිසා mp3, අන්-නිසා pdf. ආයාත් 44–48. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers