අල්-අහ්කාෆ් · 17/35
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අහ්කාෆ්
وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَّكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُونُ مِن قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ ۝١٧
Wallazee qaala liwaali daihi uffil lakumaaa ata`idanineee an ukhraja wa qad khalatil quroonu min qablee wa humaa yastagheesaanil laaha wailaka aamin inna wa`dal laahi haqq, fa yaqoolu maa haazaaa illaaa asaateerul awwaleen
📖 සිංහලෙන්
තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත් ව ගොස් ඇතැ”යි පැවසීය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 15-19 — සූරා අල්-අහ්කාෆ්

15وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا ۖ حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا ۖ وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا ۚ حَتَّىٰ إِذَا بَلَغَ أَشُدَّهُ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي ۖ إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ
තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්‍රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේය.
16أُولَٰئِكَ الَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا وَنَتَجَاوَزُ عَن سَيِّئَاتِهِمْ فِي أَصْحَابِ الْجَنَّةِ ۖ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ
ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහුමය. තවද අපි ඔවුන්ගේ පාපකම් නොසළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතරය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
17وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَّكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُونُ مِن قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත් ව ගොස් ඇතැ”යි පැවසීය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසීය.
18أُولَٰئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
තමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූවෝය.
19وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُوا ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
අල්-අහ්කාෆ්කුර්ආන් දර්ශකය
35ආයාත්
MeccanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-අහ්කාෆ් 17

සූරා අල්-අහ්කාෆ් ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ…

සූරා ආයාත් 17/35 — සූරා අල්-අහ්කාෆ් الأحقاف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අහ්කාෆ් අසන්න, සූරා අල්-අහ්කාෆ් පරිවර්තනය, සූරා අල්-අහ්කාෆ් mp3, සූරා අල්-අහ්කාෆ් pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers