PDF —
31 ආයාත් Medinan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-ඉන්සාන් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-ඉන්සාන් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ඉන්සාන් පරිවර්තනය. අල්-ඉන්සාන් (Medinan) 31 ආයාත්.



31 ආයාත් · Medinan · සිංහල
bismillah
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
(මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නොසිටි කාලයක් මිනිසාට නොපැමිණියේ ද?
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
නියත වශයෙන්ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺ
එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක.
ﯻﯼﯽﯾﯿﰀﰁ
නියත වශයෙන්ම අපි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු.
ﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
නියත වශයෙන්ම දැහැමියෝ එහි කපුරු මිශ්රැති (කුසලාන මෙන් වූ) භාජන වලින් පානය කරති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘ
(එය) උල්පතකි. එමගින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට) පීරා ගලා යන්නට සලස්වති.
ﭙﭚﭛﭜﭝﭞﭟﭠ
ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨ
තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නොකරමු” (යැයි පවසති.)
ﭴﭵﭶﭷﭸﭹﭺﭻ
අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන්ම අපි බියවෙමු.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගනු ඇත. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසනු ඇත.
ﮅﮆﮇﮈﮉﮊ
ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමනු ඇත.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නොදකිනු ඇත.
ﮗﮘﮙﮚﮛﮜﮝ
තවද එහි හෙවණ ඔවුන් මත පහත් ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦ
රිදියෙන් වූ භාජන හා පළිඟු වලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති.
ﮧﮨﮩﮪﮫﮬ
එය රිදියෙන් වූ පළිඟුය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝය.
ﮭﮮﮯﮰﮱﯓﯔ
සන්ජබීල් (ඉඟුරු) මිශ්රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති.
ﯕﯖﯗﯘﯙ
එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬ
තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
කොළ පැහැති ඝන හා සිනිඳු සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
නියත වශයෙන්ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.
ﰅﰆﰇﰈﰉﰊﰋ
නියත වශයෙන්ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු.
ﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕ
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතරින් කිසිදු පාපියෙකුට හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන කිසිදු අයකුට හෝ නුඹ අවනත නොවනු.
ﰖﰗﰘﰙﰚﰛ
තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘ
තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
ﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡ
නියත වශයෙන්ම ඔවුහු මෙලොවට ප්රිය කරති. නමුත් ඔවුනට පසු ව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ ව්‍යූහය අපි ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
නියත වශයෙන්ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ගනිත්වා!
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers