සූරා අල්-කියාමා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-කියාමා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-කියාමා පරිවර්තනය. සූරා අල්-කියාමා (Meccan) 40 ආයාත්.
Related
More සූරා PDF
සූරා අල්-කියාමා

ﮊﮋﮌﮍﮎ
75:1
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
ﮏﮐﮑﮒﮓ
75:2
තවද දොස් නගන ආත්මය මත දිවුරමි.
ﮔﮕﮖﮗﮘﮙ
75:3
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
ﮚﮛﮜﮝﮞﮟﮠ
75:4
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
ﮡﮢﮣﮤﮥﮦ
75:5
නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
ﮧﮨﮩﮪﮫ
75:6
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
ﮬﮭﮮﮯ
75:7
දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට,
ﮰﮱﯓ
75:8
තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,
ﯔﯕﯖﯗ
75:9
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
ﯘﯙﯚﯛﯜﯝ
75:10
පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
ﯞﯟﯠﯡ
75:11
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
ﯢﯣﯤﯥﯦ
75:12
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
ﯧﯨﯩﯪﯫﯬﯭ
75:13
ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
ﯮﯯﯰﯱﯲﯳ
75:14
එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
ﯴﯵﯶﯷ
75:15
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
ﯸﯹﯺﯻﯼﯽﯾ
75:16
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
ﯿﰀﰁﰂﰃ
75:17
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
ﰄﰅﰆﰇﰈ
75:18
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
ﰉﰊﰋﰌﰍ
75:19
පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
ﭑﭒﭓﭔﭕ
75:20
නමුත් නුඹලා මෙලොව ප්රිය කරන්නෙහුය.
ﭖﭗﭘ
75:21
තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
ﭙﭚﭛﭜ
75:22
එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.
ﭝﭞﭟﭠ
75:23
තම පරමාධිපති දෙස බලමින් සිටිති.
ﭡﭢﭣﭤ
75:24
තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
ﭥﭦﭧﭨﭩﭪ
75:25
(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
ﭫﭬﭭﭮﭯ
75:26
එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;
ﭰﭱﭲﭳﭴ
75:27
තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට;
ﭵﭶﭷﭸ
75:28
නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;
ﭹﭺﭻﭼ
75:29
කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;
ﭽﭾﭿﮀﮁ
75:30
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
ﮂﮃﮄﮅﮆ
75:31
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
ﮇﮈﮉﮊ
75:32
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
ﮋﮌﮍﮎﮏﮐ
75:33
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
ﮑﮒﮓﮔ
75:34
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.
ﮕﮖﮗﮘﮙ
75:35
පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.
ﮚﮛﮜﮝﮞﮟ
75:36
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
ﮠﮡﮢﮣﮤﮥﮦ
75:37
විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
ﮧﮨﮩﮪﮫﮬ
75:38
පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහුව මවා සැකසුවේය.
ﮭﮮﮯﮰﮱﯓ
75:39
පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛ
75:40
(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







