PDF —
50 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-මුර්සලාත් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-මුර්සලාත් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මුර්සලාත් පරිවර්තනය. සූරා අල්-මුර්සලාත් (Meccan) 50 ආයාත්.

← අල්-ඉන්සාන්සූරා අල්-මුර්සලාත් අන්-නබා →


50 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮑﮒﮓ
77:1 අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්,
ﮔﮕﮖ
77:2 දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,
ﮗﮘﮙ
77:3 (වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්
ﮚﮛﮜ
77:4 වෙන් වෙන් ව වෙන් කරන අය මත දිවුරමින්,
ﮝﮞﮟ
77:5 මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,
ﮠﮡﮢﮣ
77:6 (එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
ﮤﮥﮦﮧ
77:7 නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
ﮨﮩﮪﮫ
77:8 තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,
ﮬﮭﮮﮯ
77:9 තවද අහස පුපුරා හරිනු ලබන විට,
ﮰﮱﯓﯔ
77:10 කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,
ﯕﯖﯗﯘ
77:11 තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,
ﯙﯚﯛﯜ
77:12 කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?
ﯝﯞﯟ
77:13 (එය) විනිශ්චය දිනය සඳහාය.
ﯠﯡﯢﯣﯤﯥ
77:14 විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
ﯦﯧﯨﯩ
77:15 බොරු කළවුනට එදින විනාශයයි.
ﯪﯫﯬﯭ
77:16 මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?
ﯮﯯﯰﯱ
77:17 පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
ﯲﯳﯴﯵ
77:18 අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.
ﯶﯷﯸﯹ
77:19 බොරු කළවුනට එදින විනාශයයි.
ﭑﭒﭓﭔﭕﭖ
77:20 ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
ﭗﭘﭙﭚﭛ
77:21 එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
ﭜﭝﭞﭟ
77:22 නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.
ﭠﭡﭢﭣ
77:23 එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.
ﭤﭥﭦﭧ
77:24 බොරු කළවුනට එදින විනාශයයි.
ﭨﭩﭪﭫﭬ
77:25 මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නොකළෙමු ද?
ﭭﭮﭯ
77:26 ජීවත් වන්නන් හා මළවුන්.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷ
77:27 තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු.
ﭸﭹﭺﭻ
77:28 බොරු කළවුනට එදින විනාශයයි.
ﭼﭽﭾﭿﮀﮁﮂ
77:29 නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
ﮃﮄﮅﮆﮇﮈﮉ
77:30 ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
ﮊﮋﮌﮍﮎﮏﮐ
77:31 එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නොකරයි.
ﮑﮒﮓﮔﮕ
77:32 නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
ﮖﮗﮘﮙ
77:33 එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
ﮚﮛﮜﮝ
77:34 බොරු කළවුනට එදින විනාශයයි.
ﮞﮟﮠﮡﮢ
77:35 එය ඔවුන් කතා නොකරන දිනයකි.
ﮣﮤﮥﮦﮧ
77:36 තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
ﮨﮩﮪﮫ
77:37 බොරු කළවුනට එදින විනාශයයි.
ﮬﮭﮮﮯﮰﮱﯓ
77:38 මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
ﯔﯕﯖﯗﯘﯙ
77:39 එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.
ﯚﯛﯜﯝ
77:40 බොරු කළවුනට එදින විනාශයයි.
ﯞﯟﯠﯡﯢﯣ
77:41 නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
ﯤﯥﯦﯧ
77:42 තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).
ﯨﯩﯪﯫﯬﯭﯮ
77:43 නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
ﯯﯰﯱﯲﯳ
77:44 නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
ﯴﯵﯶﯷ
77:45 බොරු කළවුනට එදින විනාශයයි.
ﯸﯹﯺﯻﯼﯽ
77:46 නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
ﯾﯿﰀﰁ
77:47 බොරු කළවුනට එදින විනාශයයි.
ﰂﰃﰄﰅﰆﰇﰈ
77:48 (මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
ﰉﰊﰋﰌ
77:49 බොරු කළවුනට එදින විනාශයයි.
ﰍﰎﰏﰐﰑ
77:50 එහෙයින් මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers