PDF —
සූරා අද්-දුහා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අද්-දුහා pdf සිංහල — බාගත කරන්න සූරා අද්-දුහා පරිවර්තනය. සූරා අද්-දුහා (Meccan) 11 ආයාත්.
More සූරා PDF
සූරා අද්-දුහා

ﮉﮊ
93:1
පෙරවරු ව මත දිවුරා දිවුරමින්,
ﮋﮌﮍﮎ
93:2
තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
ﮏﮐﮑﮒﮓﮔ
93:3
නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
ﮕﮖﮗﮘﮙﮚ
93:4
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
ﮛﮜﮝﮞﮟ
93:5
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
ﮠﮡﮢﮣﮤ
93:6
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?
ﮥﮦﮧﮨ
93:7
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
ﮩﮪﮫﮬ
93:8
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.
ﮭﮮﮯﮰﮱ
93:9
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
ﯓﯔﯕﯖﯗ
93:10
තවද අයදින්නා ව පලවා නොහරිනු.
ﯘﯙﯚﯛﯜ
93:11
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, September 29, 2026
Don't forget us in your sincere prayers







