සූරා අල්-ලයිල් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ලයිල් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ලයිල් පරිවර්තනය. සූරා අල්-ලයිල් (Meccan) 21 ආයාත්.
Related
- සූරා අල්-ලයිල් පරිවර්තනයසිංහල
- සූරා අල්-ලයිල් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ලයිල්

ﮡﮢﮣﮤ
92:1
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,
ﮥﮦﮧﮨ
92:2
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,
ﮩﮪﮫﮬﮭ
92:3
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
ﮮﮯﮰﮱ
92:4
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
ﯓﯔﯕﯖﯗ
92:5
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
ﯘﯙﯚ
92:6
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
ﯛﯜﯝ
92:7
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
ﯞﯟﯠﯡﯢ
92:8
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
ﯣﯤﯥ
92:9
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
ﭑﭒﭓ
92:10
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
ﭔﭕﭖﭗﭘﭙﭚ
92:11
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
ﭛﭜﭝﭞ
92:12
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
ﭟﭠﭡﭢﭣ
92:13
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුවය.
ﭤﭥﭦﭧ
92:14
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
ﭨﭩﭪﭫﭬ
92:15
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
ﭭﭮﭯﭰ
92:16
ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේය.
ﭱﭲﭳ
92:17
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.
ﭴﭵﭶﭷﭸ
92:18
ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.
ﭹﭺﭻﭼﭽﭾﭿ
92:19
කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.
ﮀﮁﮂﮃﮄﮅ
92:20
උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.
ﮆﮇﮈ
92:21
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







