අන්-නිසා · 101/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නිසා
وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا ۚ إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَدُوًّا مُّبِينًا ۝١٠١
Wa izaa darabtum fil ardi falaisa `alaikum junaahun an taqsuroo minas Salaati in khiftum ai yaftinakumul lazeena kafarooo; innal kaafireena kaanoo lakum aduwwam mubeenaa
📖 සිංහලෙන්
නුඹලා භූමියෙහි ගමන් කළ විට, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත්, සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට ප්‍රකට සතුරන් වූහ.

🎧 අසන්න


📜 ආයාත් 99-103 — අන්-නිසා

99فَأُولَٰئِكَ عَسَى اللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ اللَّهُ عَفُوًّا غَفُورًا
එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකි ය. තවද අල්ලාහ් සමාව දෙන්නාය; අති ක්ෂමාශීලීය.
100۞ وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللَّهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً ۚ وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّهِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
අල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු නික්ම යන්නේ ද ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැර ව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ කුලිය අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
101وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا ۚ إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَدُوًّا مُّبِينًا
නුඹලා භූමියෙහි ගමන් කළ විට, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත්, සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට ප්‍රකට සතුරන් වූහ.
102وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلَاةَ فَلْتَقُمْ طَائِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوا أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا فَلْيَكُونُوا مِن وَرَائِكُمْ وَلْتَأْتِ طَائِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ الَّذِينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَاحِدَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰ أَن تَضَعُوا أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا حِذْرَكُمْ ۗ إِنَّ اللَّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
(නබිවරය, යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතුය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතුය. ඔවුහු සුජූද් කළ විට නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතුය. සලාතය ඉටු නොකළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතුය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතුය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ආයුධ ඔවුන් ගත යුතුය. දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානී ව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන් ව සිටියේ නම් හෝ නුඹලාගේ ආයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. නමුත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතුය. සැබැවින්ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත.
103فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا
නුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද වාඩිවෙමින් ද නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරනු. නුඹලා සැනසුනමට පත් වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
101ආයාත්

පරිවර්තනය — අන්-නිසා 101

සූරා අන්-නිසා ආයාත් 101 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා භූමියෙහි ගමන් කළ විට, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට කලහකම්…

සූරා ආයාත් 101/176 — අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නිසා අසන්න, අන්-නිසා පරිවර්තනය, අන්-නිසා mp3, අන්-නිසා pdf. ආයාත් 99–103. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers