ඝාෆිර් · 8/85
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ඝාෆිර්
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ ۝٨
Rabbannaa wa adkhilhum Jannaati `adninil latee wa`attahum wa man salaha min aabaaa`ihim wa azwaajihim wa zurriyyaatihim; innaka Antal `Azeezul Hakeem
📖 සිංහලෙන්
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.

🎧 අසන්න


📜 ආයාත් 6-10 — ඝාෆිර්

6وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ
තවද එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි නුඹේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය.
7الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ
අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහිය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති.
8رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
9وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَن تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
තවද ඔබ ඔවුන් නපුරු දැයින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු දැයින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්‍රහණය.
10إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත.
ඝාෆිර්කුර්ආන් දර්ශකය
85ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — ඝාෆිර් 8

සූරා ඝාෆිර් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට…

සූරා ආයාත් 8/85 — ඝාෆිර් غافر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ඝාෆිර් අසන්න, ඝාෆිර් පරිවර්තනය, ඝාෆිර් mp3, ඝාෆිර් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers