අත්-තගාබුන් · 12/18
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තගාබුන්
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ ۝١٢
Wa atee`ul laaha wa atee`ur Rasool; fa in tawallaitum fa innamaa `alaa Rasoolinal balaaghul mubeen
📖 සිංහලෙන්
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන්ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව ප්‍රචාරය කිරීම පමණය.
🎧 අසන්න

📜 ආයාත් 10-14 — අත්-තගාබුන්

10وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ خَالِدِينَ فِيهَا ۖ وَبِئْسَ الْمَصِيرُ
තවද අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහුය. එහි ඔවුන් සදාතනිකයින්ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය.
11مَا أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ وَمَن يُؤْمِن بِاللَّهِ يَهْدِ قَلْبَهُ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු ආපදාවක් සිදු නොවේ. තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද ඔහුගේ හදවතට ඔහු(අල්ලාහ්) මග පෙන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
12وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන්ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව ප්‍රචාරය කිරීම පමණය.
13اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙතම (සියල්ල) භාර කරත්වා.
14يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
අත්-තගාබුන්කුර්ආන් දර්ශකය
18ආයාත්
MedinanRevelation
12ආයාත්

පරිවර්තනය — අත්-තගාබුන් 12

සූරා අත්-තගාබුන් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු.…

සූරා ආයාත් 12/18 — අත්-තගාබුන් التغابن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තගාබුන් අසන්න, අත්-තගාබුන් පරිවර්තනය, අත්-තගාබුන් mp3, අත්-තගාබුන් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers