අල්-ආරාෆ් · 145/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
وَكَتَبْنَا لَهُ فِي الْأَلْوَاحِ مِن كُلِّ شَيْءٍ مَّوْعِظَةً وَتَفْصِيلًا لِّكُلِّ شَيْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا بِأَحْسَنِهَا ۚ سَأُرِيكُمْ دَارَ الْفَاسِقِينَ ۝١٤٥
Wa katabnaa lahoo fil alwaahi minkulli shai`immaw `izaanw wa tafseelal likulli shai`in fakhuzhaa biquwwatinw waamur qawmaka yaakhuzoo bi ahsanihaa; wa ooreekum daaral faasiqeen
📖 සිංහලෙන්
තවද ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 143-147 — සූරා අල්-ආරාෆ්

143وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَانِي وَلَٰكِنِ انظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! (ඔබව) මට පෙන්වනු මැනව! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට “ඔබ මා දැකිය නොහැක්කේමය. නමුත් එම කන්ද දෙස බලනු. එය එම ස්ථානයේම ස්ථාවර ව පිහිටියේ නම් එවිට ඔබ මා දකිනු ඇත” යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. තවද දේවත්වය විශ්වාස කරන්නන්ගේ පළමුවැන්නා මම වෙමි යැයි කීය.
144قَالَ يَا مُوسَىٰ إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالَاتِي وَبِكَلَامِي فَخُذْ مَا آتَيْتُكَ وَكُن مِّنَ الشَّاكِرِينَ
අහෝ මූසා! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබව ජනයාට ඉහළින් තෝරා ගත්තෙමි. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතරින් වනු යැයි ඔහු පැවසුවේය.
145وَكَتَبْنَا لَهُ فِي الْأَلْوَاحِ مِن كُلِّ شَيْءٍ مَّوْعِظَةً وَتَفْصِيلًا لِّكُلِّ شَيْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا بِأَحْسَنِهَا ۚ سَأُرِيكُمْ دَارَ الْفَاسِقِينَ
තවද ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි.
146سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِن يَرَوْا كُلَّ آيَةٍ لَّا يُؤْمِنُوا بِهَا وَإِن يَرَوْا سَبِيلَ الرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِن يَرَوْا سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ
යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන් ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. තවද සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි.
147وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ حَبِطَتْ أَعْمَالُهُمْ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ
තවද අපගේ සංඥාවන් හා මතු ලොව හමු ව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑට මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
145ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 145

සූරා අල්-ආරාෆ් ආයාත් 145 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක්…

සූරා ආයාත් 145/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 143–147. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers