අත්-තව්බා · 30/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِن قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ ۝٣٠
Q qaalatil yahoodu `Uzairunib nul laahi wa qaalatin Nasaaral Maseehub nul laahi zaalika qawluhum bi afwaahihim yudaahi`oona qawlal lazeena kafaroo min qabl; qatalahumul laah; annaa yu`fakoon
📖 සිංහලෙන්
උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන් ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

🎧 අසන්න


📜 ආයාත් 28-32 — සූරා අත්-තව්බා

28يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِن فَضْلِهِ إِن شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේව ආදේශ කරන්නන් කිලිටිය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නොවිය යුතුය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් (දැන ගනු) අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් ඔහු නුඹලා ව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.
29قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَاغِرُونَ
දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන; සත්‍ය දහමට දහම් ගත නොවන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු.
30وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِن قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ
උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන් ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
31اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِّن دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَٰهًا وَاحِدًا ۖ لَّا إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ්ගෙන් තොරව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. එකම දෙවිඳුන්ට නැමදුම් කරනු මෙන් හැර වෙනත් දෙයක් ඔවුහු අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.
32يُرِيدُونَ أَن يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය තම මුවින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය පූර්ණවත් නොකර අත හැර නොදමයි.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
30ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 30

සූරා අත්-තව්බා ආයාත් 30 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන්…

සූරා ආයාත් 30/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 28–32. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers