PDF —
36 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය. සූරා අල්-මුතෆ්ෆිෆීන් (Meccan) 36 ආයාත්.

← අල්-ඉන්ෆිතාර්සූරා අල්-මුතෆ්ෆිෆීන් අල්-ඉන්ෂිකාක් →


36 ආයාත් · Meccan · සිංහල
bismillah
ﯖﯗﯘ
83:1 කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය.
ﯙﯚﯛﯜﯝﯞﯟ
83:2 ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිති.
ﯠﯡﯢﯣﯤﯥ
83:3 කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.
ﯦﯧﯨﯩﯪﯫ
83:4 නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?
ﭑﭒﭓ
83:5 මහත් වූ දිනයක් සඳහා.
ﭔﭕﭖﭗﭘﭙ
83:6 එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
ﭚﭛﭜﭝﭞﭟﭠ
83:7 නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.
ﭡﭢﭣﭤﭥ
83:8 (නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
ﭦﭧﭨ
83:9 (එය) ලියන ලද වාර්තා පොතකි.
ﭩﭪﭫﭬ
83:10 බොරු කරන්නන් හට එදින විනාශයය.
ﭭﭮﭯﭰﭱ
83:11 මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹ
83:12 සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරනු ඇත.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁ
83:13 අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
83:14 නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
ﮍﮎﮏﮐﮑﮒﮓ
83:15 නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.
ﮔﮕﮖﮗﮘ
83:16 තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠ
83:17 ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
ﮡﮢﮣﮤﮥﮦﮧ
83:18 නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.
ﮨﮩﮪﮫﮬ
83:19 තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
ﮭﮮﮯ
83:20 (එය) ලියන ලද වාර්තා පොතකි.
ﮰﮱﯓ
83:21 (දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.
ﯔﯕﯖﯗﯘ
83:22 නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් හි සිටිති.
ﯙﯚﯛﯜ
83:23 කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.
ﯝﯞﯟﯠﯡﯢ
83:24 (ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
ﯣﯤﯥﯦﯧ
83:25 මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯ
83:26 එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
ﯰﯱﯲﯳ
83:27 තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
ﯴﯵﯶﯷﯸ
83:28 එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
83:29 නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
ﰂﰃﰄﰅﰆ
83:30 තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝය.
ﰇﰈﰉﰊﰋﰌﰍ
83:31 තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
ﰎﰏﰐﰑﰒﰓﰔ
83:32 තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.
ﰕﰖﰗﰘﰙ
83:33 තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗ
83:34 එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.
ﭘﭙﭚﭛ
83:35 සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.
ﭜﭝﭞﭟﭠﭡﭢ
83:36 ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers