සූරා අල්-ඉන්ෆිතාර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ඉන්ෆිතාර් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ඉන්ෆිතාර් පරිවර්තනය. සූරා අල්-ඉන්ෆිතාර් (Meccan) 19 ආයාත්.
Related
More සූරා PDF
සූරා අල්-ඉන්ෆිතාර්

ﭑﭒﭓﭔ
82:1
අහස පිපිරී වෙන් ව ගිය විට,
ﭕﭖﭗﭘ
82:2
තවද තාරුකා වැටී විසිරී ගිය විට,
ﭙﭚﭛﭜ
82:3
තවද සමුද්‍රයන් පුපුරා යන විට,
ﭝﭞﭟﭠ
82:4
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,
ﭡﭢﭣﭤﭥﭦ
82:5
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
ﭧﭨﭩﭪﭫﭬﭭ
82:6
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?
ﭮﭯﭰﭱﭲ
82:7
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
ﭳﭴﭵﭶﭷﭸﭹ
82:8
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)
ﭺﭻﭼﭽﭾ
82:9
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
ﭿﮀﮁﮂ
82:10
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.
ﮃﮄﮅ
82:11
(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.
ﮆﮇﮈﮉ
82:12
ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.
ﮊﮋﮌﮍﮎ
82:13
නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.
ﮏﮐﮑﮒﮓ
82:14
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.
ﮔﮕﮖﮗ
82:15
විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.
ﮘﮙﮚﮛﮜ
82:16
තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.
ﮝﮞﮟﮠﮡﮢ
82:17
විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
ﮣﮤﮥﮦﮧﮨﮩ
82:18
පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
82:19
එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







