අල්-බකරා · 214/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُم ۖ مَّسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ ۝٢١٤
Am hasibtum an tadkhulul jannata wa lammaa yaa-tikum masalul lazeena khalaw min qablikum massathumul baasaaa`u waddarraaaa`u wa zulziloo hattaa yaqoolar Rasoolu wallazeena aamanoo ma`ahoo mataa nasrul laah; alaaa inna nasral laahiqareeb
📖 සිංහලෙන්
නුඹලාට පෙර ඉකුත් ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නොපැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්න ට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන් ව ග්‍රහණය කළේය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ් ගේ ජයග්‍රහණය කවදා දැයි අසන තරමට ම ඔවුහු කම්පනය ට පත් කරනු ලැබූහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.

🎧 අසන්න


📜 ආයාත් 212-216 — සූරා අල්-බකරා

212زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا ۘ وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ
ප්‍රතික්ෂේප කළවුනට මෙලොව ජීවිතය අලංකාර කරනු ලැබීය. ඔවුහු විශ්වාස කළවුන්ට අපහාස කරති. තවද දේව බිය හැඟීම් ඇති කර ගත් අය වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුනට ඉහළින් සිටිති. තමන් අභිමත කරන අයට අල්ලාහ් ගණනයකින් තොරව පෝෂණය කරන්නේය.
213كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ ۖ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ ۗ وَاللَّهُ يَهْدِي مَن يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
ජනයා එකම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ සත්‍යයෙන් යුත් දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර ගත්තේ නැත. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ වෙත මඟ පෙන්වන්නේය.
214أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُم ۖ مَّسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ
නුඹලාට පෙර ඉකුත් ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නොපැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්න ට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන් ව ග්‍රහණය කළේය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ් ගේ ජයග්‍රහණය කවදා දැයි අසන තරමට ම ඔවුහු කම්පනය ට පත් කරනු ලැබූහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.
215يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ ۖ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ඔවුහු නුඹගෙන් විමසති. යහපත් දැයින් නුඹලා වියදම් කළ යුත්තේ දෙමාපියන්, ඥාතීන්, අනාථයින්, දුප්පතුන් සහ මගියන්ට වේ යැයි නුඹ පවසනු. තවද නුඹලා සිදු කරන යම් යහපත් දැයක් වුව ද ඒ ගැන සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය.
216كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැක. නමුත් එය නුඹලාට යහපතක් විය හැකිය. නුඹලා යමක් ප්‍රිය කළ හැක. නමුත් එය නුඹලාට හානිදායක විය හැකිය. අල්ලාහ් (සියල්ල) දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
214ආයාත්

පරිවර්තනය — අල්-බකරා 214

සූරා අල්-බකරා ආයාත් 214 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලාට පෙර ඉකුත් ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර…

සූරා ආයාත් 214/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 212–216. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers