අල්-බකරා · 23/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُوا شُهَدَاءَكُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ ۝٢٣
Wa in kuntum fee raibim mimmaa nazzalnaa `alaa `abdinaa fatoo bi Sooratim mim mislihee wad`oo shuhadaaa`akum min doonil laahi in kuntum saadiqeen
📖 සිංහලෙන්
අපගේ ගැත්තාට අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙහි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තවද අල්ලාහ් හැර නුඹලාගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදීහු නම්.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 21-25 — සූරා අල්-බකරා

21يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස.
22الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَّكُمْ ۖ فَلَا تَجْعَلُوا لِلَّهِ أَندَادًا وَأَنتُمْ تَعْلَمُونَ
ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද නිර්මානය කළේය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු.
23وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُوا شُهَدَاءَكُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ
අපගේ ගැත්තාට අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙහි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තවද අල්ලාහ් හැර නුඹලාගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදීහු නම්.
24فَإِن لَّمْ تَفْعَلُوا وَلَن تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ ۖ أُعِدَّتْ لِلْكَافِرِينَ
නමුත් නුඹලා (එසේ) නොකළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකිය. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත.
25وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ كُلَّمَا رُزِقُوا مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقًا ۙ قَالُوا هَٰذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ ۖ وَأُتُوا بِهِ مُتَشَابِهًا ۖ وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَالِدُونَ
තවද විශ්වාස කොට යහකම් කළවුනට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇතැයි සුබාරංචි දන්වනු. එහි පලතුරු වලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තවද එකිනෙක ට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තවද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
23ආයාත්

පරිවර්තනය — අල්-බකරා 23

සූරා අල්-බකරා ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපගේ ගැත්තාට අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙහි පසු…

සූරා ආයාත් 23/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers