අල්-කසස් · 8/88
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කසස්
فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوًّا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ  ۝٨
Faltaqatahooo Aalu Fir`awna li yakoona lahum `aduwwanw wa hazanaa; inna Fir`awna wa Haamaana wa junooda humaa kaanoo khaati`een
📖 සිංහලෙන්
ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහුව අරගත්හ. ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නන් වූවෝය.
🎧 අසන්න

📜 ආයාත් 6-10 — අල්-කසස්

6وَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ 
තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද ඔවුන් අතරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් (අපි අපේක්ෂා කළෙමු).
7وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ 
තවද ඔහුට කිරි දෙන මෙන් මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු. ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමනු. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් ද නොවනු. නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු. එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු.
8فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوًّا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ 
ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහුව අරගත්හ. ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නන් වූවෝය.
9وَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٍ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدًا وَهُمۡ لَا يَشۡعُرُونَ 
තවද මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නොදමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැක. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (සිදු වන්නට යන දෑ) ඔවුන් වටහා ගත්තේ නැත.
10وَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ 
තවද මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නොකළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි.
අල්-කසස්කුර්ආන් දර්ශකය
88ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-කසස් 8

සූරා ආයාත් 8/88 — අල්-කසස් القصص (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කසස් අසන්න, අල්-කසස් පරිවර්තනය, අල්-කසස් mp3, අල්-කසස් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers