ආල්-ඉම්රාන් · 144/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ ۝١٤٤
Wa maa Muhammadun illaa Rasoolun qad khalat min qablihir Rusul; afa`im maata aw qutilan qalabtum `alaaa a`qaabikum; wa mai yanqalib `alaa aqibihi falai yadurral laaha shai`aa; wa sayajzil laahush shaakireen
📖 සිංහලෙන්
තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නොවේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නොකරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්‍රතිඵල පිරිනමනු ඇත.

🎧 අසන්න


📜 ආයාත් 142-146 — සූරා ආල්-ඉම්රාන්

142أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ
(විශ්වාස කළවුනි!) නුඹලා අතරන් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නොදැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳ ව ද ඔහු නොදැන, ස්වර්ග උයනට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?
143وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ
නුඹලා (වීර) මරණය හමු වීමට පෙර සැබැවින්ම එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය අධීක්ෂණය කරමින් සියැසින් ම දුටුවෙහු ය.
144وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නොවේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නොකරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්‍රතිඵල පිරිනමනු ඇත.
145وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُّؤَجَّلًا ۗ وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا ۚ وَسَنَجْزِي الشَّاكِرِينَ
නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නොවී ය. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
146وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا ۗ وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ
නබිවරුන්ගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ එක්ව (සතුරන්ට එරෙහි ව) දැහැමියෝ බොහෝ දෙනෙක් සටන් කර තිබේ ද?. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ඔවුහු අධෛර්ය නොවූහ. තවද ඔවුහු දුර්වල ද නොවූහ. එමෙන්ම (සතුරන්ට) යටහත් ද නොවූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් ව ප්‍රිය කරයි.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
144ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 144

සූරා ආල්-ඉම්රාන් ආයාත් 144 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නොවේ. ඔහුට පෙර…

සූරා ආයාත් 144/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 142–146. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers