අල්-ෆත්හ් · 17/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆත්හ්
لَّيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ ۗ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا ۝١٧
Laisa `alal a`maa harajunw wa laa `alal a`raji harajunw wa laa `alal mareedi haraj` wa many yutil`il laaha wa Rasoolahoo yudkhilhu jannaatin tajree min tahtihal anhaaru wa many yatawalla yu`azzibhu `azaaban aleemaa
📖 සිංහලෙන්
(සටනට සහභාගී නොවීම) අන්ධයා මත වරදක් නොවේ. තවද කොරා මත ද වරදක් නොවේ. රෝගියා මත ද වරදක් නොවේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. නමුත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 15-19 — සූරා අල්-ෆත්හ්

15سَيَقُولُ الْمُخَلَّفُونَ إِذَا انطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَن يُبَدِّلُوا كَلَامَ اللَّهِ ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ اللَّهُ مِن قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමාවී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නොපැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නොගන්නන් වූහ.
16قُل لِّلْمُخَلَّفِينَ مِنَ الْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُولِي بَأْسٍ شَدِيدٍ تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِن تُطِيعُوا يُؤْتِكُمُ اللَّهُ أَجْرًا حَسَنًا ۖ وَإِن تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا
නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේය. නුඹලා ඔවුන් සමග සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමාවී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. නමුත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
17لَّيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ ۗ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا
(සටනට සහභාගී නොවීම) අන්ධයා මත වරදක් නොවේ. තවද කොරා මත ද වරදක් නොවේ. රෝගියා මත ද වරදක් නොවේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. නමුත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.
18۞ لَّقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا
ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින්ම පිළිගත්තේය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේය.
19وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا ۗ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමීය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
අල්-ෆත්හ්කුර්ආන් දර්ශකය
29ආයාත්
MedinanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-ෆත්හ් 17

සූරා අල්-ෆත්හ් ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (සටනට සහභාගී නොවීම) අන්ධයා මත වරදක් නොවේ. තවද කොරා මත…

සූරා ආයාත් 17/29 — සූරා අල්-ෆත්හ් الفتح (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆත්හ් අසන්න, සූරා අල්-ෆත්හ් පරිවර්තනය, සූරා අල්-ෆත්හ් mp3, සූරා අල්-ෆත්හ් pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers