අල්-ෆත්හ් · 24/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆත්හ්
وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِن بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ۝٢٤
Wa Huwal lazee kaffa aydiyahum `ankum wa aydiyakum `anhum bibatni Makkata mim ba`di an azfarakum `alaihim; wa kaanal laahu bimaa ta`maloona Baseera
📖 සිංහලෙන්
ඔවුනට එරෙහි ව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 22-26 — සූරා අල්-ෆත්හ්

22وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමග සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසු ව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නොලබනු ඇත.
23سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا
(එය) මීට පෙර ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නේමය.
24وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِن بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
ඔවුනට එරෙහි ව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
25هُمُ الَّذِينَ كَفَرُوا وَصَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْيَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُ ۚ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَاءٌ مُّؤْمِنَاتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَئُوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌ بِغَيْرِ عِلْمٍ ۖ لِّيُدْخِلَ اللَّهُ فِي رَحْمَتِهِ مَن يَشَاءُ ۚ لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا أَلِيمًا
මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලා ව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නොවී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නොදැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිසය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන් ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.
26إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَىٰ وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී ය.
අල්-ෆත්හ්කුර්ආන් දර්ශකය
29ආයාත්
MedinanRevelation
24ආයාත්

පරිවර්තනය — අල්-ෆත්හ් 24

සූරා අල්-ෆත්හ් ආයාත් 24 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුනට එරෙහි ව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව…

සූරා ආයාත් 24/29 — සූරා අල්-ෆත්හ් الفتح (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆත්හ් අසන්න, සූරා අල්-ෆත්හ් පරිවර්තනය, සූරා අල්-ෆත්හ් mp3, සූරා අල්-ෆත්හ් pdf. ආයාත් 22–26. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers