අත්-තගාබුන් · 14/18
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තගාබුන්
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ۝١٤
Yaaa ayyuhal lazeena aamanooo inna min azwaaji kum wa awlaadikum `aduwwal lakum fahzaroohum; wa in ta`foo wa tasfahoo wa taghfiroo fa innal laaha ghafoorur Raheem
📖 සිංහලෙන්
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
🎧 අසන්න

📜 ආයාත් 12-16 — අත්-තගාබුන්

12وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන්ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව ප්‍රචාරය කිරීම පමණය.
13اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙතම (සියල්ල) භාර කරත්වා.
14يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
15إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ ۚ وَاللَّهُ عِندَهُ أَجْرٌ عَظِيمٌ
නියත වශයෙන්ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.
16فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنفِقُوا خَيْرًا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්රාහකයෝ.
අත්-තගාබුන්කුර්ආන් දර්ශකය
18ආයාත්
MedinanRevelation
14ආයාත්

පරිවර්තනය — අත්-තගාබුන් 14

සූරා අත්-තගාබුන් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ…

සූරා ආයාත් 14/18 — අත්-තගාබුන් التغابن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තගාබුන් අසන්න, අත්-තගාබුන් පරිවර්තනය, අත්-තගාබුන් mp3, අත්-තගාබුන් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers