අල්-ආරාෆ් · 143/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَانِي وَلَٰكِنِ انظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ ۝١٤٣
Wa lammaa jaaa`a Moosa limeeqaatinaa wa kallamahoo Rabbuhoo qaala Rabbi arineee anzur ilaik; qaala lan taraanee wa laakininzur ilal jabali fa inistaqarra makaanahoo faswfa taraanee; falammaa tajallaa Rabbuhoo liljabali ja`alahoo dakkanw wa kharra Moosaa sa`iqaa; falammaaa afaaqa qaala Subhaanaka tubtu ilaika wa ana awwalul mu`mineen
📖 සිංහලෙන්
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! (ඔබව) මට පෙන්වනු මැනව! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට “ඔබ මා දැකිය නොහැක්කේමය. නමුත් එම කන්ද දෙස බලනු. එය එම ස්ථානයේම ස්ථාවර ව පිහිටියේ නම් එවිට ඔබ මා දකිනු ඇත” යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. තවද දේවත්වය විශ්වාස කරන්නන්ගේ පළමුවැන්නා මම වෙමි යැයි කීය.

🎧 අසන්න


📜 ආයාත් 141-145 — සූරා අල්-ආරාෆ්

141وَإِذْ أَنجَيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُم بَلَاءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනු(දරුව)න් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද එහි නුඹලාගේ පරමාධිපතිගෙන් අති මහත්වූ පරීක්ෂණයක් විය.
142۞ وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
මූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණවත් කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නොකරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේය.
143وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَانِي وَلَٰكِنِ انظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! (ඔබව) මට පෙන්වනු මැනව! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට “ඔබ මා දැකිය නොහැක්කේමය. නමුත් එම කන්ද දෙස බලනු. එය එම ස්ථානයේම ස්ථාවර ව පිහිටියේ නම් එවිට ඔබ මා දකිනු ඇත” යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. තවද දේවත්වය විශ්වාස කරන්නන්ගේ පළමුවැන්නා මම වෙමි යැයි කීය.
144قَالَ يَا مُوسَىٰ إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالَاتِي وَبِكَلَامِي فَخُذْ مَا آتَيْتُكَ وَكُن مِّنَ الشَّاكِرِينَ
අහෝ මූසා! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබව ජනයාට ඉහළින් තෝරා ගත්තෙමි. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතරින් වනු යැයි ඔහු පැවසුවේය.
145وَكَتَبْنَا لَهُ فِي الْأَلْوَاحِ مِن كُلِّ شَيْءٍ مَّوْعِظَةً وَتَفْصِيلًا لِّكُلِّ شَيْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا بِأَحْسَنِهَا ۚ سَأُرِيكُمْ دَارَ الْفَاسِقِينَ
තවද ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
143ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 143

සූරා අල්-ආරාෆ් ආයාත් 143 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති…

සූරා ආයාත් 143/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 141–145. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers