අත්-තව්බා · 39/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
إِلَّا تَنفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ۝٣٩
Illaa tanfiroo yu`az zibkum `azaaban aleemanw wa yastabdil qawman ghairakum wa laa tadurroohu shai`aa; wal laahu `alaa kulli shai`in Qadeer
📖 සිංහලෙන්
නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ලෙන එයි. තවද නුඹලා විසින් ඔහුට කිසිවකින් හානියක් සිදු කිරීමට නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තියවන්ත ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 37-41 — සූරා අත්-තව්බා

37إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِّيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
නියත වශයෙන්ම (තහනම් කළ මාස සිතූ මනාපයට) කල් දැමීම, දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යවනු ලබති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණනට සීරුමාරු කිරීම පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාට මඟ නොපෙන්වයි.
38يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُم بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට කුමක් සිදු වූයේ ද? අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් ව යනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා පොළොවට බර වූයෙහුය. මතු ලොවට වඩා මෙලොව ජීවිතය ගැන නුඹලා තෘප්තිමත් වූයෙහු ද? මෙලොව ජීවිතයේ භුක්ති විඳීම මතු ලොවෙහි අල්ප ප්‍රමාණයක් මිස වෙනකක් නැත.
39إِلَّا تَنفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ලෙන එයි. තවද නුඹලා විසින් ඔහුට කිසිවකින් හානියක් සිදු කිරීමට නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තියවන්ත ය.
40إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නොකරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත්, දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහු ව පිටුවහල් කළ අවස්ථාවේ දීත්, ඔවුන් දෙදෙනාම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් "නුඹ දුක් නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟය" යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත්, සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහු ව ශක්තිමත් කළේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරීය; ප්‍රඥාවන්තය.
41انفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද, අධික වශයෙන් වුව ද නුඹලා පිටත් ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
39ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 39

සූරා අත්-තව්බා ආයාත් 39 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම්…

සූරා ආයාත් 39/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 37–41. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers