සූරා අත්-තාරික් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අත්-තාරික් pdf සිංහල — බාගත කරන්න සූරා අත්-තාරික් පරිවර්තනය. සූරා අත්-තාරික් (Meccan) 17 ආයාත්.
Related
More සූරා PDF
සූරා අත්-තාරික්

ﭑﭒﭓ
86:1
අහස මත ද තාරික් මත ද දිවුරමින්,
ﭔﭕﭖﭗﭘ
86:2
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
ﭙﭚﭛ
86:3
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
ﭜﭝﭞﭟﭠﭡﭢ
86:4
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
ﭣﭤﭥﭦﭧ
86:5
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
ﭨﭩﭪﭫﭬ
86:6
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
ﭭﭮﭯﭰﭱﭲ
86:7
කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
ﭳﭴﭵﭶﭷ
86:8
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
ﭸﭹﭺﭻ
86:9
එදින රහස්ය දෑ හෙළි කරනු ලැබේ.
ﭼﭽﭾﭿﮀﮁﮂ
86:10
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
ﮃﮄﮅﮆ
86:11
තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
ﮇﮈﮉﮊ
86:12
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
ﮋﮌﮍﮎ
86:13
සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
ﮏﮐﮑﮒ
86:14
තවද එය සරදමක් නොවේ.
ﮓﮔﮕﮖ
86:15
සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කරති.
ﮗﮘﮙ
86:16
මම ද සැලසුමක් සැලසුම් කරමි.
ﮚﮛﮜﮝﮞ
86:17
එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







