අල්-ඉස්රා · 60/111
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉස්රා
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ ۚ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا ۝٦٠
Wa iz qulnaa laka inna rabbaka ahaata binnaas; wa maa ja`alnar ru`yal lateee arainaaka illaa fitnatal linnaasi washshajaratal mal`oonata fil quraan; wa nukhaw wifuhum famaa yazeeduhum illa tughyaanan kabeeraa
📖 සිංහලෙන්
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද අල් කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 58-62 — සූරා අල්-ඉස්රා

58وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا
තවද (අපරාධ කරමින් සිටි) කිසියම් ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නොසිටියෙමු. එය ලේඛනයේ සටහන් කරනු ලබන්නක් විය.
59وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالْآيَاتِ إِلَّا أَن كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۚ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۚ وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا
තවද සංඥාවන් පෙර සිටියවුන් බොරු කළ හෙයින් මිස ඒවා එවීම අපව වැළක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝය. තවද බිය ගැන්වීමට මිස අපි එම සංඥාවන් නොඑවන්නෙමු.
60وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ ۚ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද අල් කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.
61وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا
තවද නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැයි ඔහු(ඉබ්ලීස්) විමසුවේය.
62قَالَ أَرَأَيْتَكَ هَٰذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا قَلِيلًا
මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකු ව හැර ඔහුගේ පරපුර සැබැවින්ම මම මුලිනුපුටා දමමි යැයි ඔහු පැවසුවේය.
අල්-ඉස්රාකුර්ආන් දර්ශකය
111ආයාත්
MeccanRevelation
60ආයාත්

පරිවර්තනය — අල්-ඉස්රා 60

සූරා අල්-ඉස්රා ආයාත් 60 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින…

සූරා ආයාත් 60/111 — සූරා අල්-ඉස්රා الإسراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉස්රා අසන්න, සූරා අල්-ඉස්රා පරිවර්තනය, සූරා අල්-ඉස්රා mp3, සූරා අල්-ඉස්රා pdf. ආයාත් 58–62. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers