ආල්-ඉම්රාන් · 17/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ ۝١٧
Assaabireena wassaa diqeena walqaaniteena walmunfiqeena walmus taghfireena bil ashaar
📖 සිංහලෙන්
ඔවුන් ඉවසිලිවන්තයින්ය. තවද සත්‍ය පවසන්නන්ය. තවද යටහත් වන්නන්ය. තවද වියදම් කරන්නන්ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ය.

🎧 අසන්න


📜 ආයාත් 15-19 — සූරා ආල්-ඉම්රාන්

15۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැයි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත . තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
16الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට අපගේ පාපකම් සඳහා සමාව දෙනු මැනව! තවද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව! යැයි පවසන්නෝ ය.
17الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
ඔවුන් ඉවසිලිවන්තයින්ය. තවද සත්‍ය පවසන්නන්ය. තවද යටහත් වන්නන්ය. තවද වියදම් කරන්නන්ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ය.
18شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින්ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.
19إِنَّ الدِّينَ عِندَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
17ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 17

සූරා ආල්-ඉම්රාන් ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් ඉවසිලිවන්තයින්ය. තවද සත්‍ය පවසන්නන්ය. තවද යටහත් වන්නන්ය. තවද වියදම්…

සූරා ආයාත් 17/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers