ආල්-ඉම්රාන් · 196/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ ۝١٩٦
Laa yaghurrannaka taqal lubul lazeena kafaroo fil bilaad
📖 සිංහලෙන්
විවිධ දේශයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹ ව රවටා නොදැමිය යුතු ය.
🎧 අසන්න

📜 ආයාත් 194-198 — ආල්-ඉම්රාන්

194رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ
“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නොකරන්නෙහිය.” (යැයි ප්‍රාර්ථනා කරති.)
195فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّن بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِن دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِّنْ عِندِ اللَّهِ ۗ وَاللَّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙත ය අලංකාර කුසල් ඇත්තේ.
196لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ
විවිධ දේශයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹ ව රවටා නොදැමිය යුතු ය.
197مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمِهَادُ
(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.
198لَٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِّنْ عِندِ اللَّهِ ۗ وَمَا عِندَ اللَّهِ خَيْرٌ لِّلْأَبْرَارِ
නමුත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වනාහි ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
196ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 196

සූරා ආල්-ඉම්රාන් ආයාත් 196 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : විවිධ දේශයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹ ව…

සූරා ආයාත් 196/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 194–198. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers