ආල්-ඉම්රාන් · 195/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّن بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِن دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِّنْ عِندِ اللَّهِ ۗ وَاللَّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ ۝١٩٥
Fastajaaba lahum Rabbuhum annee laaa Udee`u `amala `aamilim minkum min zakarin aw unsaa ba`dukum mim ba`din fal lazeena haajaroo wa ukhrijoo min diyaarihim wa oozoo fee sabeelee wa qaataloo wa qutiloo la ukaffiranna `anhum saiyi aatihim wa la udkhilanna hum Jannnatin tajree min tahtihal anhaaru sawaabam min `indil laah; wallaahu `indahoo husnus sawaab
📖 සිංහලෙන්
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙත ය අලංකාර කුසල් ඇත්තේ.

🎧 අසන්න


📜 ආයාත් 193-197 — සූරා ආල්-ඉම්රාන්

193رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا ۚ رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ
අපගේ පරමාධිපතියාණනි! “නුඹලාගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු” යැයි, දේව විශ්වාසය වෙත කැඳවන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අප ව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!
194رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ
“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නොකරන්නෙහිය.” (යැයි ප්‍රාර්ථනා කරති.)
195فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّن بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِن دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِّنْ عِندِ اللَّهِ ۗ وَاللَّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙත ය අලංකාර කුසල් ඇත්තේ.
196لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ
විවිධ දේශයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹ ව රවටා නොදැමිය යුතු ය.
197مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمِهَادُ
(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
195ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 195

සූරා ආල්-ඉම්රාන් ආයාත් 195 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා…

සූරා ආයාත් 195/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 193–197. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers