අන්-නිසා · 114/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නිසා
۞ لَّا خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا ۝١١٤
laa khaira fee kaseerim min najwaahum illaa man amara bisadaqatin aw ma`roofin aw islaahim bainan naas; wa mai yaf`al zaalikab tighaaa`a mardaatil laahi fa sawfa nu`teehi ajran `azeemaa
📖 සිංහලෙන්
දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කවරෙකු විසින් විධානයක් කළේද ඔහුගෙන් හැර ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල මතුවට පිරිනමන්නෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 112-116 — සූරා අන්-නිසා

112وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا
කවරෙකු වරදක් හෝ පාපයක් හෝ උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේය.
113وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّائِفَةٌ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ ۚ وَأَنزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا
(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නොවී නම් ඔවුන් අතරින් පිරිසක් නුඹ ව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. නමුත් ඔවුන්වම මිස වෙන කිසිවකු ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නොකරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්වීය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්‍යය අතිමහත්ය.
114۞ لَّا خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කවරෙකු විසින් විධානයක් කළේද ඔහුගෙන් හැර ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල මතුවට පිරිනමන්නෙමු.
115وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا
කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල්වරයාට පිටු පා, දේවත්වය විශ්වාස කළවුන්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද, අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහු ව යොමු කරන්නෙමු. තවද ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය.
116إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَاءُ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර (අනෙකුත්) දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් මුලා විය.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
114ආයාත්

පරිවර්තනය — අන්-නිසා 114

සූරා අන්-නිසා ආයාත් 114 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති…

සූරා ආයාත් 114/176 — සූරා අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නිසා අසන්න, සූරා අන්-නිසා පරිවර්තනය, සූරා අන්-නිසා mp3, සූරා අන්-නිසා pdf. ආයාත් 112–116. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers