අල්-මාඉදා · 47/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
وَلْيَحْكُمْ أَهْلُ الْإِنجِيلِ بِمَا أَنزَلَ اللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ ۝٤٧
Walyahkum Ahlul Injeeli bimaaa anzalal laahu feeh; wa mal lam yahkum bimaaa anzalal laahu fa ulaaa`ika humul faasiqoon
📖 සිංහලෙන්
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දුෂ්ඨයෝ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 45-49 — සූරා අල්-මාඉදා

45وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنفَ بِالْأَنفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ ۚ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
සැබැවින් ම පණට පණ, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාල වලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. නමුත් කවරෙකු හෝ එය පුණ්‍ය කර්මයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. තවද අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.
46وَقَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِعِيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ ۖ وَآتَيْنَاهُ الْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන්ගේ (පෙර සිටි නබිවරුන්ගේ) පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන්ම තමන් අතර තිබූ තව්රාතය සත්‍යකරවන්නක් ලෙස ද බිය බැතිමතුන් හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය.
47وَلْيَحْكُمْ أَهْلُ الْإِنجِيلِ بِمَا أَنزَلَ اللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දුෂ්ඨයෝ.
48وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِن لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතරින් සෑම ප්‍රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
49وَأَنِ احْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නොකරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹ ව ඔවුන් අර්බුදයකට යොමු නොකරන පරිදි නුඹ ඔවුන් ගැන ප්‍රවේසම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන් ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින්ම ජනයා අතරින් බොහෝ දෙනා දුෂ්ඨයෝ වෙති.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
47ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 47

සූරා අල්-මාඉදා ආයාත් 47 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු…

සූරා ආයාත් 47/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 45–49. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers