අල්-මාඉදා · 48/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِن لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ٤٨
Transliteration
Wa anzalnaa ilaikal Kitaaba bilhaqqi musaddiqallimaa baina yadaihi minal Kitaabi wa muhaiminan `alaihi fahkum bainahum bimaa anzalal laahu wa laa tattabi ahwaaa`ahum `ammaa jaaa`aka minal haqq; likullin ja`alnaa minkum shir`atanw wa minhaajaa; wa law shaaa`al laahu laja`alakum ummatanw waahidatanw wa laakil liyabluwakum fee maa aataakum fastabiqul khairaat; ilal laahi arji`ukum jamee`an fayunab bi`ukum bimaa kuntum feehi takhtalifoon
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතරින් සෑම ප්‍රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 46-50 — අල්-මාඉදා
46وَقَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِعِيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ ۖ وَآتَيْنَاهُ الْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන්ගේ (පෙර සිටි නබිවරුන්ගේ) පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන්ම තමන් අතර තිබූ තව්රාතය සත්‍යකරවන්නක් ලෙස ද බිය බැතිමතුන් හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය.
47وَلْيَحْكُمْ أَهْلُ الْإِنجِيلِ بِمَا أَنزَلَ اللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දුෂ්ඨයෝ.
48وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِن لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතරින් සෑම ප්‍රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
49وَأَنِ احْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නොකරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹ ව ඔවුන් අර්බුදයකට යොමු නොකරන පරිදි නුඹ ඔවුන් ගැන ප්‍රවේසම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන් ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින්ම ජනයා අතරින් බොහෝ දෙනා දුෂ්ඨයෝ වෙති.
50أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ
ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා වඩාත් අලංකාර වන්නේ කවුරුද?
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
48ආයාත්
පරිවර්තනය — අල්-මාඉදා 48
සූරා අල්-මාඉදා ආයාත් 48 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු.…සූරා ආයාත් 48/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 46–50. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








