අල්-මාඉදා · 69/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۝٦٩
Innal lazeena aamanoo wallazeena haadoo was saabi`oona wan Nasaaraa man aamana billaahi wal yawmil Aakhiri wa `amila saalihan falaa khawfun `alaihim wa laa hum yahzanoon
📖 සිංහලෙන්
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුක ට පත්වන්නෝ ද නොවෙති.
🎧 අසන්න

📜 ආයාත් 67-71 — අල්-මාඉදා

67۞ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
68قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ
ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්‍රියාවට නංවන තෙක් නුඹලා කිසිවක් මත (පිහිටා) නොමැත යැයි (නබිවරය) නුඹ පවසනු. (නබිවරය) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින්ම වර්ධනය කරනු ඇත. එබැවින් දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයා සඳහා නුඹ දුක් නොවනු.
69إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුක ට පත්වන්නෝ ද නොවෙති.
70لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلًا ۖ كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ
සැබැවින් අපි ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගතිමු. තවද අපි ඔවුන් වෙත දූතවරු එවීමු. ඔවුන් ආශා නොකරන දෙයක් දූතයකු ඔවුන් වෙත ගෙන ආ සෑම කල්හි ම පිරිසක් ඔවුහු බොරු කළෝය. තවද පිරිසක් ඔවුහු ඝාතනය කළෝය.
71وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِّنْهُمْ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
තමන්ට කිසිදු පිරික්සුමක් නොවනු ඇතැයි ඔවුහු සිතූහ. ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන්පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
69ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 69

සූරා අල්-මාඉදා ආයාත් 69 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්…

සූරා ආයාත් 69/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 67–71. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers