අල්-අන්ආම් · 50/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අන්ආම්
قُل لَّا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ ۝٥٠
Qul laaa aqoolu lakum `indee khazaaa`inul laahi wa laaa a`lamul ghaiba wa laaa aqoolu lakum innee malakun in attabi`u illaa maa yoohaaa ilaiy; qul hal yastawil a`maa walbaseer; afalaa tatafakkaroon
📖 සිංහලෙන්
අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නොදනිමි. සැබැවින්ම මම සුරදූතයකු ද වෙමි යැයි මම නුඹලාට නොපවසමි. මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා සිතා නොබලන්නෙහුදැ?යි ද නුඹ විමසනු.
🎧 අසන්න

📜 ආයාත් 48-52 — අල්-අන්ආම්

48وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
තවද ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස මිස අපි රසූල්වරුන් නොඑව්වෙමු. එබැවින් කවරෙකු විශ්වාස කොට හැඩ ගැසෙන්නේද ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.
49وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوا يَفْسُقُونَ
තවද අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට ඔවුන් කරමින් සිටි පාපකම් හේතුවෙන් දඬුවම අත් වනු ඇත.
50قُل لَّا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ
අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නොදනිමි. සැබැවින්ම මම සුරදූතයකු ද වෙමි යැයි මම නුඹලාට නොපවසමි. මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා සිතා නොබලන්නෙහුදැ?යි ද නුඹ විමසනු.
51وَأَنذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ
තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන් හට ඔවුන් බිය හැඟීමෙන් යුක්ත වනු පිණිස මෙමගින් නුඹ (ඔවුන්ව) අවවාද කරනු. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නකු හෝ නොමැත.
52وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ
උදේ සවස තම පරමාධිපතිව ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන් ව නුඹ පලවා නොහරිනු. ඔවුන්ගේ විනිශ්චයෙන් කිසිවක් නුඹ වෙත නොපැවරෙනු ඇත. එමෙන්ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නොපැවරෙනු ඇත. එසේ නුඹ ඔවුන් පලවා හැරියෙහි නම් එවිට නුඹ අපරාධකරුවන් අතරින් වන්නෙහිය.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
50ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 50

සූරා අල්-අන්ආම් ආයාත් 50 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද…

සූරා ආයාත් 50/165 — අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අන්ආම් අසන්න, අල්-අන්ආම් පරිවර්තනය, අල්-අන්ආම් mp3, අල්-අන්ආම් pdf. ආයාත් 48–52. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers