අත්-තව්බා · 50/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තව්බා
إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا وَّهُمْ فَرِحُونَ ۝٥٠
in tusibka hasanatun tasu`hum; wa in tusibka museebatuny yaqooloo qad akhaznaaa amranaa min qablu wa yatawallaw wa hum farihoon
📖 සිංහලෙන්
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරවනු ඇත. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අප මීට පෙරම අපගේ කටයුත්ත (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.
🎧 අසන්න

📜 ආයාත් 48-52 — අත්-තව්බා

48لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَ
මීට පෙර ද ඔවුහු අර්බුද (ඇති කිරීමට) මාන බලමින් සිටියෝය. තවද එම කටයුතු නුඹ වෙතට හැරෙව්වෝය. අවසානයේ සත්‍යය පැමිණියේය. තවද ඔවුන් පිළිකුල් කරන්නන් ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්‍යක්ෂ විය.
49وَمِنْهُم مَّن يَقُولُ ائْذَن لِّي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
(මා නිවසෙහි රැදී සිටීමට) මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නොකරනු යැයි පවසන්නන් ද ඔවුන් අතරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින්ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වටලන්නකි.
50إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا وَّهُمْ فَرِحُونَ
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරවනු ඇත. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අප මීට පෙරම අපගේ කටයුත්ත (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.
51قُل لَّن يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නොවන්නේමය. ඔහු අපගේ භාරකරුය. තවද දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් වෙතම (සියල්ල) භාර කළ යුතු යැයි (නබිවරය!) නුඹ පවසනු.
52قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِّنْ عِندِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ
(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එක් ප්‍රතිලාභයක් හැර වෙනත් කිසිවක් අප තුලින් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් නුඹලාගේ විෂයෙහි අපි අපේක්ෂා කරන්නේ “අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් නුඹලා හසු කර ගන්නවාද? නැත්නම් එය අපේ අතින් දෙන්නට සළස්වනවාද” යන්නයි. එබැවින් නියත වශයෙන්ම (ඔබ වෙත පැමිණිය යුතු දේ) අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
50ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 50

සූරා අත්-තව්බා ආයාත් 50 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත්…

සූරා ආයාත් 50/129 — අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තව්බා අසන්න, අත්-තව්බා පරිවර්තනය, අත්-තව්බා mp3, අත්-තව්බා pdf. ආයාත් 48–52. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers