අත්-තව්බා · 7/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللَّهِ وَعِندَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ ۝٧
Kaifa yakoonu lilmush rikeena `ahdun `indallaahi wa `inda Rasoolihee illal lazeena `aahattum `indal Masjidil Haraami famas taqaamoo lakum fastaqeemoo lahum; innallaaha yuhibbul muttaqeen
📖 සිංහලෙන්
ආදේශ කරන්නන් හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද? නමුත් නුඹලා මස්ජිදුල් හරාම් අසළ ගිවිසුම් ඇති කරගත් උදවිය හැර. ඔවුන් නුඹලාට ඍජුව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජුව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 5-9 — සූරා අත්-තව්බා

5فَإِذَا انسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِن تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් (යුද පිටියේ) දුටු තැන නසා දමනු. තවද ඔවුන්ව අල්ලා ගනු තවද ඔවුන්ව කොටු කරනු (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහිව වාඩි වී (රැක) සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී සලාතය විධිමත්ව ඉටු කොට සකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන්ව නුඹලා අතහැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
6وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُونَ
ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි.
7كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللَّهِ وَعِندَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
ආදේශ කරන්නන් හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද? නමුත් නුඹලා මස්ජිදුල් හරාම් අසළ ගිවිසුම් ඇති කරගත් උදවිය හැර. ඔවුන් නුඹලාට ඍජුව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජුව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
8كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُم بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ
(ගිවිසුමක් රැඳී පවතිනුයේ) කෙසේ ද? නුඹලාට එරෙහිව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා තුළ පවතින නෑ සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නොසලකා හරිති. ඔවුන්ගේ කට වචනින් නුඹලාව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිටුපාති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.
9اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَن سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් අල්ලාහ්ගේ වදන් වෙනුවට ස්වල්ප මිළක් ලබා ඔහුගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වූවෝය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.‍
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
7ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 7

සූරා අත්-තව්බා ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ආදේශ කරන්නන් හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක්…

සූරා ආයාත් 7/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers