සූරා අල්-ෆජ්ර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ෆජ්ර් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ෆජ්ර් පරිවර්තනය. සූරා අල්-ෆජ්ර් (Meccan) 30 ආයාත්.
Related
- සූරා අල්-ෆජ්ර් පරිවර්තනයසිංහල
- සූරා අල්-ෆජ්ර් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ෆජ්ර්

ﭤﭥ
89:1
අරුණෝදය මත ද දිවුරමින්.
ﭦﭧﭨ
89:2
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
ﭩﭪﭫ
89:3
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
ﭬﭭﭮﭯ
89:4
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
ﭰﭱﭲﭳﭴﭵﭶ
89:5
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
ﭷﭸﭹﭺﭻﭼﭽ
89:6
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?
ﭾﭿﮀﮁ
89:7
(ඔවුන්) කුලුනු වලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
ﮂﮃﮄﮅﮆﮇﮈ
89:8
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබීය.
ﮉﮊﮋﮌﮍﮎ
89:9
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
ﮏﮐﮑﮒ
89:10
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)
ﮓﮔﮕﮖﮗ
89:11
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
ﮘﮙﮚﮛ
89:12
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.
ﮜﮝﮞﮟﮠﮡ
89:13
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේය.
ﮢﮣﮤﮥ
89:14
සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නාය.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
89:15
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
89:16
තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
ﯞﯟﯠﯡﯢﯣﯤ
89:17
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.
ﯥﯦﯧﯨﯩﯪ
89:18
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
ﯫﯬﯭﯮﯯ
89:19
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහුය.
ﯰﯱﯲﯳﯴ
89:20
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼ
89:21
එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
ﯽﯾﯿﰀﰁﰂ
89:22
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
89:23
තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
ﭜﭝﭞﭟﭠ
89:24
“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.
ﭡﭢﭣﭤﭥﭦ
89:25
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.
ﭧﭨﭩﭪﭫ
89:26
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබයි.
ﭬﭭﭮﭯ
89:27
“අහෝ සැනසුමට පත් ආත්මය!
ﭰﭱﭲﭳﭴﭵ
89:28
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
ﭶﭷﭸﭹ
89:29
එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
ﭺﭻﭼ
89:30
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







