යූනුස් · 15/109
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — යූනුස්
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ ۝١٥
Wa izaa tutlaa `alaihim aayaatunaa baiyinaatin qaalal lazeena laa yarjoona liqaaa`ana`ti bi Quraanin ghairi haazaaa aw baddilh; qul maa yakoonu leee an ubaddilahoo min tilqaaa`i nafsee in attabi`u illaa maa yoohaaa ilaiya inneee akhaafu in `asaytu Rabbee `azaaba Yawmin `Azeeem
📖 සිංහලෙන්
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
🎧 අසන්න

📜 ආයාත් 13-17 — යූනුස්

13وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. නමුත් ඔවුහු විශ්වාස කරන්නට නොවූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
14ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِن بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ
ඔවුනට පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
15وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
16قُل لَّوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُم بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَ
අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නොකරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නොදන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.
17فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْمُجْرِمُونَ
එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම, වැරදිකරුවෝ ජය නොලබති.
යූනුස්කුර්ආන් දර්ශකය
109ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — යූනුස් 15

සූරා යූනුස් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට,…

සූරා ආයාත් 15/109 — යූනුස් يونس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: යූනුස් අසන්න, යූනුස් පරිවර්තනය, යූනුස් mp3, යූනුස් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers