අල්-බකරා · 112/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۝١١٢
Balaa man aslama wajhahoo lillaahi wa huwa muhsinun falahooo ajruhoo `inda rabbihee wa laa khawfun `alaihim wa laa hum yahzanoon
📖 සිංහලෙන්
එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්‍රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.
🎧 අසන්න

📜 ආයාත් 110-114 — අල්-බකරා

110وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තව ද නුඹලා සලාත ය ස්ථාපිත කරනු. සකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකයා ය.
111وَقَالُوا لَن يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَارَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ
යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු.
112بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්‍රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.
113وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَىٰ عَلَىٰ شَيْءٍ وَقَالَتِ النَّصَارَىٰ لَيْسَتِ الْيَهُودُ عَلَىٰ شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව යුදෙව්වෝ පවසති. යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථ ය කියවමින් සිටිය දී. ඔවුන් ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.
114وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللَّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ් ගේ මස්ජිදයන් හි ඔහු ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තව ද එය විනාශ කිරීම ට වෑයම් කරන අය ට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බිය ට පත් වූවන් ලෙසම මිස එහි පිවිසීම ට ඔවුන ට සුදුසු නොවීය. ඔවුන ට මෙලොවෙ හි අවමානය ඇත. තව ද පරලොවෙ හි ඔවුන ට අතිමහත් දඬුවමක් ඇත.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
112ආයාත්

පරිවර්තනය — අල්-බකරා 112

සූරා අල්-බකරා ආයාත් 112 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ (මුළුමනින් ම)…

සූරා ආයාත් 112/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 110–114. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers