ආල්-ඉම්රාන් · 101/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ ۗ وَمَن يَعْتَصِم بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ۝١٠١
Wa kaifa takfuroona wa antum tutlaa `alaikum Aayaatul laahi wa feekum Rasooluh; wa mai ya`tasim baillaahi faqad hudiya ilaa Siraatim Mustaqeem
📖 සිංහලෙන්
තවද නුඹලා හට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන්ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.

🎧 අසන්න


📜 ආයාත් 99-103 — සූරා ආල්-ඉම්රාන්

99قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاءُ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි, නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන් ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන් ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන්දැ යි (නබිවරය) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අනවධානියෙකු නොවේ.
100يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تُطِيعُوا فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ
අහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසු ව නුඹලා ව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.
101وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ ۗ وَمَن يَعْتَصِم بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
තවද නුඹලා හට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන්ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.
102يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින්ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නොවනු.
103وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන් ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේය. එවිට නුඹලා ඔහුගේ ආශිර්වාදයෙන් සහෝදරයන් බවට පත් වූහ. තවද නුඹලා නිරා ගින්නෙන් යුත් අගාධ අද්දරයෙහි සිටියෙහුය. එවිට ඔහු නුඹලා ව එයින් මුදවා ගත්තේය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
101ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 101

සූරා ආල්-ඉම්රාන් ආයාත් 101 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා හට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය…

සූරා ආයාත් 101/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 99–103. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers