ආල්-ඉම්රාන් · 102/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ ۝١٠٢
Yaaa ayyuhal lazeena aamanut taqul laaha haqqa tuqaatihee wa laa tamoontunna illaa wa antum muslimoon
📖 සිංහලෙන්
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින්ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නොවනු.

🎧 අසන්න


📜 ආයාත් 100-104 — සූරා ආල්-ඉම්රාන්

100يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تُطِيعُوا فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ
අහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසු ව නුඹලා ව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.
101وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ ۗ وَمَن يَعْتَصِم بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
තවද නුඹලා හට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන්ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.
102يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින්ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නොවනු.
103وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන් ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේය. එවිට නුඹලා ඔහුගේ ආශිර්වාදයෙන් සහෝදරයන් බවට පත් වූහ. තවද නුඹලා නිරා ගින්නෙන් යුත් අගාධ අද්දරයෙහි සිටියෙහුය. එවිට ඔහු නුඹලා ව එයින් මුදවා ගත්තේය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.
104وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
හොඳ දෑ වෙත ඇරයුම් කරන, යහපත නියෝග කරන, පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතරින් සිටිය යුතුයි. තවද ජයග්‍රාහකයෝ ඔවුහුමය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
102ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 102

සූරා ආල්-ඉම්රාන් ආයාත් 102 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ…

සූරා ආයාත් 102/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 100–104. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers