අල්-අන්ආම් · 32/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අන්ආම්
وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ ۝٣٢
Wa mal hayaatud dunyaaa illaa la`ibunw wa lahwunw wa lad Daarul Aakhiratu kahyrul lillazeena yattaqoon; afalaa ta`qiloon
📖 සිංහලෙන්
මෙලොව ජීවිතය සෙල්ලමක් හෝ පුහුවක් හෝ මිස වෙනත් කිසිවක් නොවේ. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?
🎧 අසන්න

📜 ආයාත් 30-34 — අල්-අන්ආම්

30وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۚ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් "මෙය සත්‍යය නොවේ දැ" යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි ඔවුහු පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.
31قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوا يَا حَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَاءَ مَا يَزِرُونَ
සැබැවින්ම අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් අලාභ වින්දෝය. අවසන් හෝරාව අනපේක්ෂිත ව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔවුන්ගේ (පවු) බර ඔවුන්ගේ පිට මත ඔසවා ගනිමින් අහෝ අප මෙ(ලොවෙ)හි අතපසු කළ දෑ හි විනාශය! යැයි පවසති. ඔවුන් ඔසවන දෑ නපුරු නොවූයේ ද?
32وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ
මෙලොව ජීවිතය සෙල්ලමක් හෝ පුහුවක් හෝ මිස වෙනත් කිසිවක් නොවේ. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?
33قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ
(නබිවරය!) ඔවුන් පවසන දෑ නුඹ දුකට පත් කරනු ඇතැයි සැබැවින්ම අපි දනිමු. සැබැවින්ම ඔවුහු නුඹ ව බොරු නොකළෝය. නමුත් අපරාධකරුවන් ය අල්ලාහ්ගේ වදන් පිටුපානුයේ.
34وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُوا عَلَىٰ مَا كُذِّبُوا وَأُوذُوا حَتَّىٰ أَتَاهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ ۚ وَلَقَدْ جَاءَكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ
නුඹට පෙරද රසූල්වරුන් සැබැවින්ම බොරු කරනු ලැබූහ. නමුත් අපගේ උදව් ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ හා ඔවුන් හිංසා කරනු ලැබූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද රසූල්වරුන්ගේ තොරතුරු සැබැවින්ම නුඹ වෙත පැමිණ ඇත.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
32ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 32

සූරා අල්-අන්ආම් ආයාත් 32 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙලොව ජීවිතය සෙල්ලමක් හෝ පුහුවක් හෝ මිස වෙනත් කිසිවක් නොවේ.…

සූරා ආයාත් 32/165 — අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අන්ආම් අසන්න, අල්-අන්ආම් පරිවර්තනය, අල්-අන්ආම් mp3, අල්-අන්ආම් pdf. ආයාත් 30–34. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers